NEWSNOW | – රෝමානු කතෝලික පල්ලියේ පළමු ලතින් ඇමරිකානු නායකයා වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (අප්‍රේල් 21) වයස අවුරුදු 88 දී .
වතිකානුව අද ඔහුගේ අභාවය නිවේදනය කරමින්, පැවසුවේ පාප් වහන්සේ වතිකානුවේ කැසා සැන්ටා මාර්’ටාහි ඔහුගේ නිවසේදී මිය ගිය බවය.
කාදිනල් කෙවින් ෆැරල් වතිකානුවේ රූපවාහිනී නාලිකාවේ නිවේදනය කළේ “ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ පියාණන් වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවය ප්‍රකාශ කරන්නේ දැඩි ශෝකයකිනි”.
ආර්’ජන්ටිනාවේ පාප් වහන්සේ සැන්ටා මාර්’ටා ආගන්තුකාගාරයේ සුවය ලබමින් සිටියහ. මෙම වසර මුලදී ඔහු මාරාන්තික නියුමෝනියාවෙන් සති පහක් රෝහල් ගත කර සිටියේය. රෝහලේ සිටියදී, ඔහු දෙවරක් අසාධ්‍ය විය.
නියුමෝනියා තත්ත්වයෙන් ඔහුගේ පෙනහළු වලට හානි සිදුව තිබූ අතර ඔහුගේ ශ්වසන මාංශ පේශි දුර්’වල කර ඇති බව වෛද්‍යවරු පැවසූහ. මස දෙකක් පමණ ප්‍රතිකාර ලබා මාර්’තු 23 වන දින රෝහලෙන් නික්ම ඔහු වතිකානුවට පැමිණියේය.
අප්‍රේල් මස මුලදී, වතිකානුව පැවසුවේ පපුවේ එක්ස් කිරණ පරීක්ෂණයකින් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පෙනහළුවල “සුළු දියුණුවක්” පෙන්නුම් කරන අතර ඔහුගේ කටහඬ සහ හුස්ම ගැනීමද සාමාන්‍ය දියුණුවක් ලබා ඇති බවයි.
ඔහු කැනියුලාවක් හරහා ඔක්සිජන් භාවිතා කිරීම දිගටම කරගෙන ගියද, කෙටි කාලයක් සඳහා එය ඉවත් කිරීමටද පාප්තුමාට හැකි විය.
තරමක් සුවය ලබා සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (20) වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටද එක්වුණි.