NEWSNOW | – සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගෙන, මෙතෙක් මෙම තරගාවලියක දී දැක්වූ උසස්ම දක්ෂතා දක්වා ඊයේ(20) දිවයිනය පැමිණියහ.
මෙම තරගාවලිය සෞදි අරාබියේ දමාම් නුවර, ආසියානු රටවල් 43 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 15 දින සිට 18 වනදා දක්වා පවත්වා ඇත.එහිදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ තරුෂි අභිෂේකා රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය.
එසේම මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස් , මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු , තරුෂි අභිෂේකා , හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ.
මීට අමතරව මෙම තරගාවලිය සහභාගී වූ උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ පවන් නිත්‍ය, මීටර් 800 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ සවිදු අවිශ්ක, මීටර් 1,500 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ ළහිරු අචිත්ත සහ කාන්තා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ දිල්කි නිහාරා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ.