ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින බවට ලද තොරතුරකින් අනුරාධපුර හෝටලයක් වටලයි

0
125

NEWSNOW | – ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ඇයගේ රුවට බොහෙවින් සමාන 33 හැවිරිදි කාන්තාවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙහිදී තවත් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හමුදාවේ හිටපු මේජර් වරයෙකු ලෙසද හඳුනාගෙන ඇත.

ඔවුන් සතුව තිබී ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර සැකකාරිය සහ සැකකරු අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව අනුරාධපුර අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම දෙදෙනා දින 7ක් රැඳවුම් භාරයේ තබාගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානයෙන් දැනුම් දී තිබේ.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.