බොහෝ ප්‍රදේශ වලට පස්වරුවේ වැසි වැටෙන ලකුණු

0
118

NEWSNOW| – අද(02) දිනයේ පස්වරු කාලයේ දිවයිනේ දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව   මමම විසින් නිවේදනය කරයි. සද්ධා

ගිගුරුම් සහිත වැසි සමග ඡඡ හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න ලෙස ජනතාවට දැනුම් දෙයි.