කොළඹට පැමිණෙන ජනතාවට දැන් සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක්

0
48

NEWSNOW  |-  දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන ජනතාවට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් දැන් ලබා ගැනීමට හැකි බව නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්’ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඊයේ (01) සිට නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්’ධන මණ්ඩලයේ “පැලැස්ස” අවන්හල නිල වශයෙන් ආරම්භ  කෙරුණි.

විශේෂයෙන් කොළඹට පැමිණෙන ජනතවට ආහාර වේලක් ගැනීමට සුපිරි හෝටල් වලට යාමට නොහැකි අතර හොඳ ආහාර වේලක් ගැනීමට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවේ.

මේ පිළිබඳව සිතූ රජය සාධාරණ මිලකට පිරිසිදු ආහාර වේලක් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත.

මෙම ව්‍යාපෘතිය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්’ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. එය පවතින අවන්හල් ව්‍යාපාරවල සහාය ද ලබා ගන්නා අතර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධ වේ.

මෙම මුලපිරීම හරහා, ජනතාවට දැන් රුපියල් 200 ක් වැනි අඩු මුදලකට විශේෂයෙන් සකස් කරන ලද පෝෂ්‍යදායී ආහාර භුක්ති විඳිය හැකිය. නුදුරු අනාගතයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අවන්හල් දෙකටම මෙම සමබර ආහාර පැකේජය හඳුන්වා දීමට ද රජය සැලසුම් කරයි.

පිසූ ආහාර වලට අමතරව, ඇසුරුම් කරන ලද දේශීය ආහාර නිෂ්පාදන සහ පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ග රාශියක් ද දැරිය හැකි මිලකට මහජනතාවට ලබා දෙනු ඇත.