NEWSNOW| – සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද (16) අත් අඩංගුවට ගත් ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයා කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ඊයේ (15) දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ.
මෙම සිදුවීම පිළිබද වහාම එම ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයෙහි ගුවන් නියමුවාට වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් මොහු අත් අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී ඇත.
(ටී.කේ.ජී.කපිල – කටුනායක)