බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

0
136

NEWSNOW| –  බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

පසුගිය 14 වනදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය.

එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.