සිව්වන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 334ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්

0
49

NEWSNOW | – මාස 48ක විස්තීර්’ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 334ක සිව්වන ණය වාරිකය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය කැමැත්ත පල කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ දක්වා ඩොලර් බිලියන 1.34 ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3 කට ආසන්න වේ.