නැවත දැනුම්දෙනතුරු යාල ජාතික වනෝද්‍යානය වැසේ

0
31

NEWSNOW | – යාල ජාතික වනෝද්‍යානය අද (01) සිට නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා වසා දමන බව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය.

වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

පසුගිය දිනවල ඇද හැලුන් ධාරානිපාත වර්’ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්’ග බොහොමයක් ජලයෙන් යට වී ඇති බවත්, උද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩා ගෙන ගොස් ඇති බව

මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උද්‍යානය වසා දැමීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දැමා ඇත.