හදිසි විදුලි බිඳවැටීමට හේතුව හෙළි කරයි

0
150

NEWSNOW| –   දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමට හේතු වී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්  බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණු බව එහි විදුලි ඉංජිනේරුවන් පවසයි.

විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවත් සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ද  අමාත්‍යංශය සඳහන් කළේය.