දිවයිනපුරා විදුලි සැපයුමට හා ජල සැපයුමට බාධා

0
33
xr:d:DAF6wRUMu9E:12,j:769406102742961392,t:24012406

NEWSNOW| – මේ වන විට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සහ ජල සැපැයුමටද බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

ජාතික ජල සම්පාද මණ්ඩලය දැනුම් දෙන්නේ පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන්ම භාවිතා කරන ලෙසය.

විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ ‘පානදුර උප ග්‍රිඩ් පොළේ ඇතිවූ දෝෂයක් නිසා විදුලිබල පද්ධතියට බාධා  එල්ල වීම ඊට හේතුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.