හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් දිවයිනට

0
181

NEWSNOW | – කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් තෙදින සංචාරයක් සදහා අද(03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු මාධ්‍ය වෙත පැවසුවේ තමන් විසින් මෙරට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. නමුත් ඒ පිළිබඳව දැන්ම හෙළි කිරීඒමට සූදානමක් නොමැති බවද ඔහු කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

ජොන්ටි රෝඩ්ස් ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. පසුව ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් ඔහු පිළි ගත්හ.

ජොන්ටි රෝඩ්ස් කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදු කළේය.