දිස්ත්‍රික්කයක් භාරගත් මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය

0
178

NEWSNOW | –  ශ්‍රී ලංකා පොලිසියට වසර 158කට වැඩි ඉතිහාසයක් පවතියි. එම ඉතිහාසයේ පළමු වරට දිස්ත්‍රික්කයක භාරකාරීත්වය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකට හිමිව තිබේ.

ඒ නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියටය.

ඇය මීට පෙර පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරිය කාලය. මේ වන විට ඇයට කළුතර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානිය‍ා ලෙස ස්ථාන මාරුවක් හිමිව ඇත්තේ පොලිස් ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමිනි. එම පත් කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව සිදු කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ අත්සනින් යුතුව මෙම ස්ථාන මාරු නියෝගය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරනු ලැබුවේ පසුගිය 01 වනදාය.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මේ දක්වා කළුතර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ. එන්. එල්. විජේසේන සුබසාධන දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇති නිසා එම පුරප්පාඩුවට.

මෙතෙක් කාලයක් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පමණක් සීමා වී තිබුණු දිස්ත්‍රික් භාර පොලිස් ප්‍රධානී තනතුර පද්මිණි වීරසූරිය පත් කිරීමත් සමඟ ඉදිරියේ දී එම අවස්ථාව තවත් කාන්තා නිලධාරිනියන්ටද හිමිවීමේ අවස්ථාව උදාවනු ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.