තුර්’කි හෝටලයේ ගින්නෙන් මිය ගිය ගණන 76 දක්වා ඉහළට

0
100

NEWSNOW | – තුර්’කි හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 76 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇතැම් පිරිස් මිය ගොස් ඇත්තේ ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙනි.

මහල් 12 කින් යුත් අදාළ හෝටලය තුළ ගින්න හටගන්නා අවස්ථාවේදී පුද්ගලයින් 234 දෙනෙකු එහි නවාතැන් ගෙන සිටි ඇත.

ඉන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

ගින්න නිවා දැමීම සඳහා පැය 12ක පමණ කාලයක් ගතවී ඇති අතර ශීත කාලගුණික තත්ත්වයන් සමඟ ගිනි නිවනරථ පැමිණීමට පැයකට වැඩි කාලයක් ගත වීම හේතුවෙන් ගින්න පැතිරීමට හේතු වී ඇති බව විදෙස් වාර්’තා පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදු කළ මූලික විමර්’ශනවලින් අනාවරණය වී ඇත්තේ හෝටලයේ සිව්වන මහලේ අවන්හල් කොටසේ සිදුවූ පිපිරීමක් ඉහළ මහල් දක්වා පැතිරී ඇති බවය.