Home දේශීය පුවත් ආගමික ශාස්තෘවරුන්ගේ වගකීම වුණෙත් සමාජය ක්ලීන් කිරීමයි – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යය...
NEWSNOW | – සියළුම ආගමික ශාස්තෘවරුන්ගේ අරමුණ වුණේ සමාජය clean කරන එක. අපිටත් අවශ්‍ය වෙලා තියෙන්නේ අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශයට ඇද දමා ආර්’ථික වශයෙන් බංකොලොත් කල සමාජය වශයෙන් පිරිහීමට පත් කරලා මේ රට විනාශ කරපු ඒ අවදියෙන් වෙනස් තලයකට රටේ සියලු ජනතාවගේ ජීවිතය යහපත් තැනකට පත් කරන්න. බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ සම්පුර්’ණ කතාව,
“නියෝජ්‍ය කථානායකතුමනි, clean srilanka වැඩසටහන පිළිබඳ මේ පාර්’ලිමේන්තුවේ විශේෂයෙන් මෑත කාලවකවානුව තුළ ජනමාධ්‍ය තුළත් ඒ වගේම ජනතාව අතරත් විශාල කථිකාවකට පත් මාතෘකාවක් බවට පත්වුණා. මෙම clean srilanka වැඩසටහන පිළිබඳව මට හරි ලස්සන සටහනක් මගේ නෙත ගැටුණා සමාජ මාධ්‍ය ජාලය තුළ. විශේෂයෙන් අපි සියලු දෙනාම දන්නවා මේ clean srilanka වැඩසටහන තුළින් බලාපොරොත්තු වන දේ තමයි පොහොසත් රටක් ඒ වගේම ලස්සන ජීවිතයක් හැම කෙනාටම උරුම කරදීම. විශේෂයෙන් පහුගිය දවස්වල සමහර මාධ්‍ය ආයතන සමහර බංකොලොත් දේශපාලන නායකයන් ඒ දේශපාලන පක්ෂ වලින් පිරිස් clean srilanka කියන මෙම වැඩසටහන පටු කරන්න හැදුවා. එහෙම නැත්නම් ඒ ගොල්ලන්ට මේක හැමදාම දැකපු විදිහ තමයි දේශපාලනය තුළ ඒ පටු තැන අල්ලගෙන විවේචනය කළා. clean srilanka වැඩසටහන කියන්නේ සමහරු කියන්න පටන් ගත්තා ත්‍රීවීල් වල සමහර කෑලි ගලවන එක එහෙම නැත්නම් බස්වල කෑලි ගලවන තත්වයකට මේගොල්ලොන් පටු කරන්න ගත්තා. හැබැයි clean sri lanka වැඩසටහන කියන්නේ වඩා පුළුල් අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශයට ඇද දමා ආර්’ථික වශයෙන් බංකොලොත් කල සමාජය වශයෙන් පිරිහීමට පත් කරලා මේ රට විනාශ කරපු ඒ අවදියෙන් වෙනස් තලයකට රටේ සියලු ජනතාවගේ ජීවිතය යහපත් තැනකට පත් කරන්න ඒ සඳහා අවශ්‍ය අඩිතාලම ලබාගන්නා ප්‍රධාන පියවර වලින් එකක් බවට මේ clean srilanka වැඩසටහන පත් වෙනවා. Clean srilanka වැඩසටහන් පිළිබඳව සමාජය තුළ කථිකාවක් ගොඩනැගෙන විට මම හරි ලස්සන සටහනක් සමාජ මාධ්‍ය තුළ දැක්කා. ඒ තමයි ශිෂ්ට සම්පන්න සමාජයක් ආරම්භ වීමේදී වැඩියෙන්ම කලබලයට පත්වන්නේ අශිෂ්ට සමාජයක් තුළ සිය පැවැත්ම තහවුරු කරගත් ඔවුන්ය. මම විශ්වාස කරනවා මේ රටේ ජාති,කුල මල භේදයකින් තොරව, පක්ෂ බේදයකින් තොරව හැම කෙනාගේම බලාපොරොත්තුව තමයි සදාචාර සම්පන්න, ශිෂ්ට සම්පන්න, නීතිගරුක සමාජයක් බිහි විය යුතුයි යන්න හැමදෙනාගේම බලාපොරොත්තුවයි. හැබැයි හැමදාමත් ඒ අශිෂ්ට සමාජය නිර්මාණය කරපු, අශිෂ්ට සමාජය වෙනුවෙන් පෙනී හිටපු ඒ අශිෂ්ට සමාජයේ තවදුරටත් පවත්වා ගැනීමට වෙර දරන පිරිස් මේ සමාජය ශිෂ්ට වීම පිළිබඳව ඔවුන්ට විශාල ගැටලුවක් තිබෙනවා. ඒ ගැටළුව තමයි පහුගිය දවස්වල ඒගොල්ලන්ට clean srilanka වැඩසටහන අතනට තල්ලු කරන්න හැදුවේ clean srilanka වැඩසටහන තුළ ශ්‍රී ලංකා වැඩසටහන තිරසාර රාමුවක් මත ගොඩනගන එයින් අපේක්ෂා කරන වෙනස තමයි මතුපිට වෙනසක් නෙවෙයි ඒ වෙනස පරම්පරාගත වෙනසක්. ඒ වගේම වසර කිහිපයක වෙනසක් නොව එය විශේෂයෙන් සමස්ත මානව සමාජයේ වෙනසක් විය යුතුයි බව අපේ බලාපොරොත්තුවයි. ඒ නිසා මේ clean srilanka වැඩසටහන මම දැක්කා සමහරු clean කියන වචනය පිළිබඳවත් සමහරු මාධ්‍ය තුළ අදහස් දක්වලා තිබුණා .
විශේෂයෙන්ම අපි මෙතනදි මතක් කරන්න ඕන ශ්‍රේෂ්ඨ ආගම්, ධර්’මයන් කිහිපයක් නියෝජනය කරන රටක් ලෙස අපි ඒ ඉතිහාසගත අවස්ථාව දෙස බලන ශ්‍රේෂ්ඨ ආගම් ධර්’මයන් කිහිපයක් නියෝජනය කරන රටක් ලෙස අපි ඒ ඉතිහාසගත අවස්ථාවේ ශ්‍රේෂ්ඨ ආගම් ධර්’මයන් කිහිපයක් නියෝජනය කරන රටක් ලෙස අපි ඒ නියෝජනය කරන රටක් ලෙස අපි ඒ ඉතිහාසගත අවස්ථාව දෙස බලන විට ඒ ශාස්තෘවරුන්ගේ ප්‍රධානම වගකීම බවටත් පත්වුණේ එක්තරා විදිහට කියනවනම් සමාජය clean කිරීම ඒගොල්ලන් ඒ ශාස්ත්‍රවරුන් සමාජය පවිත්‍ර කිරීම වෙනුවෙන් පිවිතුරු භාවය වෙනුවෙන් විශාලම වෙහෙසක් ගත්තු අය බව අපට බිය නැතුව කියන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ වැඩසටහනඒ නිසා විශේෂයෙන් මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේඒ නිසා විශේෂයෙන් මේ clean srilanka ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ මේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් අලුත් තැනකට නිවැරදි තැනකට හරි තැනකට පත්කල යුතුයි.
අද බොහෝ දෙනා ප්‍රශ්න කරනවා අපි බලයට පත්වෙලා මේ බලයට පත්වෙච්ච කාලය තුළ මොකක්ද කරේ කියලා. හැබැයි ප්‍රශ්න කරන ප්‍රශ්න අහන අයට ඒ පිළිබඳ අවබෝධයක් නැති උනාට අප විශ්වාස කරමින් බලාපොරොත්තු තබමින් විශේෂයෙන් රටේ සියලුම ජනතාව අපට ඡන්දය දීපු සියලු දෙනාගේ බලාපොරොත්තුව හැම කෙනාගේම ඒ විශ්වාසය අද වන විටත් අපට ඉතා පැහැදිලිව එය සාක්ෂාත් කරන්න තරම් විශ්වාසය කඩ නොකර එලෙසින්ම වැඩ කරන්න අපට අද පුළුවන් වෙලා තිබෙනවා. පහුගිය කාලේ පහුගිය දවස්වල මම දැක්කා පාර්’ලිමේන්තුවේ ආව ආණ්ඩුව විශේෂයෙන් සමහරුන්ගේ කෙඳිරි ගැහිල්ලක් ඇහුණා. අපි මාධ්‍ය මර්’ධනය කරනවලු. අපි මාධ්‍ය මර්’ධනය සඳහා සූදානම් වෙනවලු. හැබැයි ඒ කෙඳිරි ගාන අයට අමතක වෙලා තිබෙනවා 2008 අධි ආරක්ෂිත කලාපයේදී මාධ්‍යවේදින් ඝාතනය වීම පිළිබඳව, පහරදීම් පිළිබඳව, මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම් පිළිබඳව, බෝම්බ ගැසීම් සිද්ධ කරේ කාගේ යුගයේද මාධ්‍යයට එතරම් දුරට දැඩි ප්‍රහාර එල්ල කළේ කාගේ යුගයේද කියන එක අර කෙඳිරි ගාන අයට අද අමතක වෙලා තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම clean srilanka වැඩසටහන මේ රටේ වෙසෙන කිසිම කෙනෙකුට එරෙහි වැඩසටහනක් නොවේ. මේ වැඩසටහන සියල්ලන් වෙනුවෙන් ගොඩනගපු වැඩසටහනක් කියන එක ඉතා පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නෑ.
අපි දන්නවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තුල අපේ ත්‍රීවීල් රථ රියදුරු මහත්වරු විශාල කැපකිරීමක් කලා. විශාල සහයෝගයක් ලබා දුන්නා. බස් කර්’මාන්තයේ යෙදෙන ඒවගේම රියැදුරු මහත්වරුන් කොන්දොස්තර මහත්වරුන් අපට විශාල සහයෝගයක් දුන් වග අප හැමදෙනාම මතකයේ තබාගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන් සමහරු කතා කලාට කෙඳිරි ගෑවට මේ සියලු දෙනාමත් දන්නවා ජාතික ජනබලවේගය මේ ආණ්ඩුව ජනතා විරෝධීවත් මොනවත් පාර්’ශවයකට විරුද්ධ ආණ්ඩුවක් නොව සියලු ජනතාව ඒකරාශී කරමින් එකට යන ගමනක් යන ආණ්ඩුවක් වග අපි පැහැදිලිව කියන්න කැමති. ඒ නිසා කිසි කෙනෙක් clean srilanka පිලිබඳව කලබල විය යුතු නැහැ. විශේෂයෙන් අපි දන්නවා ජාතික ජන බලවේගය ලෙස ඔබ අප හැම කෙනාම දන්නවා ඉතිහාසය පුරාවටම මැතිවරණ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යම් යම් පාර්’ශව ඈත් කර තබා, විවේචනය කර, සැකය ඇති කරලා ඒ වගේම අවිශ්වාසය ගොඩනගලා තමා බලය ගත්තේ. හැබැයි ජාතික ජන බලවේගය හැමදාමත් අපි බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාව අතර විශ්වාසය ගොඩනැගුවා. ඒ වගේම ජනතාව ඒ මානව බැඳීම් ශක්තිමත් කරපු ව්‍යාපාරයක් ලෙස අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් clean srilanka වැඩසටහන ඇතුලේ අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා මේ මානව ලෝකය යනු අප සියලු දෙනාම තනි මනුෂ්‍යයෙකු බව, අපේ ශරීරයේ එක කොටසකට වේදනාවක් දැනුනා නම් මුළු ශරීරයම ඒ වේදනාව අත්විඳිනවා. ඒ වගේම තමයි මේ ශ්‍රී ලාංකික සමාජය තුළ යම් පිරිසක් ඈත් කර තබා අපට මේ රට නිවැරදි තැනකට තල්ලු කරන්න බෑ. ඒක තේරුම් ගත්ත ව්‍යාපාරයක් ලෙස මේ clean srilanka වැඩසටහන තුළ ඔබ දන්නවා අපි සියලු දෙනාම ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙලක් මේක තුළ තිබෙනවා. විශේෂයෙන් අපි දන්නවා පහුගිය කාලය පුරාවට අපි බලය ලබා ගත්තට පස්සේ ජනතාවට විවිධ ක්ෂේත්‍රවල අපට ලබා දෙන්න පුළුවන් උපරිම සහන අපිට ලබා දීලා තිබෙනවා. ඉදිරියේදීත් එලෙසම මේ සහන අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වෙනවා.
විශේෂයෙන් clean sri lanka වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාවක් තමයි විශේෂයෙන් ඇයි අපිට clean ශ්‍රී ලංකාවක් අවශ්‍ය වන්නේ. ඊට හේතුව තමයි අපි හැමදෙනාම දන්නවා අපේ රට සාමාජීය වශයෙන් පාරිසරිකව ඒ වගේම සදාචාරාත්මකව අපි රටක් ලෙස කොතනටද වැටී තිබුණේ කියලා. අපි දන්නවා සහකම්පනය නොමැති සමාජයක් අපට ඉතිරි කරා කරා. ඒ විතරක් නෙවෙයි එකිනෙකාට ඇති ගෞරවය නොමැති සමාජයක් අපට ඉතිරිකර තිබෙනවා. ඒවගේම තමයි පරිසරය පිළිබඳ නොසැලකිල්ලෙන් කටයුතු කරන සමාජයක් අපට ඉතිරි වෙලා තිබෙනවා. මේ සියල්ල වෙනස් කළ යුතුයි. විශේෂයෙන් නබිතුමාගේ ප්‍රසිද්ධ වදනක් තියෙනවා ශරීරයේ මස් කැබැල්ලක් තිබෙනවා ඒක පවිත්‍ර උනානම් මුළු ජීවිතේම ඒක පවිත්‍ර උනානම් මුළු ජීවිතේම පවිත්‍ර වෙනවා. මුළු පරිසරයම පවිත්‍ර වෙනවා. ඒක අපවිත්‍ර වුනානම් මුළු ජීවිතයම අපවිත්‍ර වෙනවා. ඒ වගේම මුළු පරිසරයම අපවිත්‍ර වෙනවා clean sri lanka වැඩසටහන යනු ත්‍රීවීල් වල හෝ බස් වල තිබෙන කෑලි අයින් කරන පටු තැනකට එහා ගොස් විශේෂයෙන් තනි පුද්ගල පවුල් ආයතන රටම ව වෙනස්ම තැනකට පත් කරන සොයා යාමක් බව ඉතා පැහැදිලිව කියන්න කැමතියි එය සොයා යාමට මේ රටේ සමස්තයම කැමති. පක්ෂ විපක්ෂයකින් තොරව අපි හැම කෙනාම කැමතියි. පවිත්‍ර තැනකට යන්න. පවිත්‍ර තැන්වල නිතරම ඒ ප්‍රදේශවලට යන්න කැමතියි රටක් ලෙසත් අපි පෝසත් රටක් ලස්සන ජීවිතයක් අපිට උරුම වෙන්න ඕන නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට තිබෙන ප්‍රධාන වගකීම තමයි අපි මේ රට clean කළ යුතුයි. සෑම ක්ෂේත්‍රයක්ම clean කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි හැම කෙනාම එකතුවෙලා ජාති කුල ආගම් භේදයකින් තොරව භාෂා භේදයකින් තොරව දේශපාලන භේදයකින් තොරව අපට ලැබී තිබෙන මේ ස්වර්’ණමය අවස්ථාව එකමුතුව මේ රට හරිම තැනට පත් කරමු. දුක් විඳින පීඩා විඳින හැම කෙනාටත් ඒ ලස්සන ජීවිතය උරුම කරදීම වෙනුවෙන් කටයුතු කරමු.”