චීන – රුසියානු ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

0
56

NEWSNOW| –  චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වීඩියෝ ආකාරයෙන් එම සාකච්ඡාව පැවති බවයි චීන මාධ්‍ය සමූහය වාර්’තා කරයි.

එහිදී නව වසර වෙනුවෙන් දෙරට නායකයින් එකිනෙකා වෙත සුබ පැතුම් ද  පිරිනැමූ බවයි සඳහන් වන්නේ. නව වසරේ චීන-රුසියානු සබඳතා වඩාත් යහපත් වර්ධනයක් වෙත යොමු වනු ඇතැයි ප්‍රාර්’ථනා කරන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පවසා තිබේ.

ගෙවී ගිය 2024 වසරේ චීන-රුසියා සබඳතා අඛණ්ඩව නව වර්’ධන ප්‍රවණතාවක පවතින අතර සංස්කෘතිය හා වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ජයග්‍රහණ රැසක් අත්පත් කර ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා මෙහිදී පෙන්වා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් යාන්ත්‍රණය යනාදී බහුපාර්’ශවික වේදිකාවන් හි දී දෙරට සමීපව සහයෝගිතා පවත්වා ගෙන ඇති අතර ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණයට ද ධනාත්මක ශක්තියක් ලබා දී ඇති බව ද ප්‍රකාශ වුණි.

එමෙන්ම නව වසරේ දෙරටේ සංවර්ධනය හා පුනර්’ජීවනය ප්‍රවර්’ධනය කොට ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම සඳහා පූටින් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට තමා සූදානමින් සිටින බව ෂී ජින් පිං එහිදී සඳහන් කර තිබේ.

දෙපාර්’ශවය අතර සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට අනුකූල වන අතර ජාත්‍යන්තර තත්ත්වයේ සිදුවන වෙනස්කම් එයට කිසිවිටෙකත් බලනොපාන බව ව්ලැදිමීර් පූටින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. තවද බහුපාර්’ශවික අවස්ථාවන්හිදී දෙපාර්’ශවය සමීප සන්නිවේදනයක් සහ සහයෝගීතාවයක් පවත්වා ගන්නා බවත් පූටින් පෙන්වා දී ඇති බවයි වාර්’තා වේ.

තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව රුසියාව තරයේ අනුමත කරන අතර ඕනෑම ආකාරයක “තායිවාන ස්වාධීනත්වයට” දැඩි ලෙස විරුද්ධ වන බව පූටින් අවධාරණය කළා. එමෙන්ම ෆැසිස්ට්වාද විරෝධී යුද්ධය ජයගැනීමේ 80වැනි සංවත්සරය උත්කර්’ෂවත්ව සැමරීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමට මෙම වසරේ දී සූදානම් බව ද එහිදී ප්‍රකාශ වී තිබේ.