බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසනික වැදගත්කම් රැසක් ඇති දුරුතු පෝය අදයි

0
43

NEWSNOW| – බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි(12).

වසරේ පළමු පොහොය දිනය නිසා දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල අද විශේෂ ආගමික වතාවත් සිදු කරයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගණ චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකය.