දවුල්ගලදී සිසුවියක පැහැර ගැනීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වෙයි

0
80
Oplus_131072

NEWSNOW| –  මහනුවර – දවුලගල ප්‍රදේශයේදී ඊයේ(11) වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැරගත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෙම පැහැර ගැනීම සිදුකළ ප්‍රධාන සැකකරු දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම දැරියගේ සහ එම සැකකාර තරුණයාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබී ඇති අතර පසුව දැරියගේ පියා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.

මෙම පාසල් සිසුවිය දවුලගල, හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකව රැඳී සිට ඇති අතර ඊයේ (11) උදෑසන කාලයේ ඇය සිය මිතුරියක සමග පාසලට පිටව යමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුකර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය සිදුකළ විමර්ශන අනුව පැහැර ගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය ඊයේ දිනයේදීම පොළාන්නරුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොළොන්නරුව පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

ඒ අනුව අදාළ වෑන් රථයේ රියදුරුව අද (12) ගම්පොළ ප්‍රදේශයේදී දවුලගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර වෑන් රථයේ රියදුරු වයස අවුරුදු 30 ක් වන කහටපිටිය, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.