මහනුවර ගෙලිඔය ප්‍රදේශයේදී පාසැල් සිසුවියක් පැහැරගෙන යයි

0
47
Oplus_131072

NEWSNOW| –  මහනුවර ගෙලිඔය දවුලගල ප්‍රදේශයේදී මුස්ලිම් ජාතික පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් තිබේ.

ඊයේ (11) දිනයේ උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය තවත් සිසුවියක් සමඟ පාසැල් ඇරී නිවසට වෙත යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පැරගැනීම සිදුකර ඇත.

එම පැහැර ගැනීම අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පැවසුවේ මේ සම්බන්ධයෙන් ගෙලිඔය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

නමුත් මෙම පැහැරගැනීමට හේතුව හෝ සෑකකරුවන් ගැන අනාවරණය වී නොමැත. ඒ සමිබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

යඈ