TOPදේශීය පුවත් රත්කිඳ ජලාශයේ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු අරී By Editor ලංකා - January 12, 2025 0 29 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – පවත්නා වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පවසයි. ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු හතම විවෘත කර ඇත. රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් ලෝක මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම පිණිස මාපාකඩ කාර්’යභාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස ජල පාලන දොරටු විවෘත කළ බවද ඔහු පැවසීය. ඒ අනුව ජල පාලන දොරටු තුනක් මීටර් එක බැගින්ද ඉතිරි ගේටුට තුන මීටර් 0.5 බැගින්ද විවෘත කර තිබේ. දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටව තිබේ. තවද ඉදිරි පැය කිහිපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ ප්රමාණය මත ජල පාලන දොරටු විවෘත කරන ප්රමාණයද වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කර ඇත. ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්ත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබේ.