කාලගුණ අංශයෙන් උපදෙස්

0
141

NEWSNOW| –  කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 50 -60 දක්වා වැඩිවිය හැකි බවය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් එහි සඳහන් වේ.

මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව එම නිවේදනය මගින් දන්වා තිබේ.