රජය ගත් තීරණයකට පාර්’ලිමේන්තු නිළධාරීන්ගේ දැඩි විරෝධය

0
74

NEWSNOW| – පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් නිලධාරීන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

මෙම යෝජනාවට පාර්ලිමේන්තු කාර්’ය මණ්ඩල වලින් දැඩි විරෝධයක් එල්ල වන බව වාර්’තා වේ.

පසුගිය සතියේ පැවැති පාර්ලිමේන්තු ඉහළ පෙළේ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

ඉහළ තනතුරු වලට පත් කරනු ලබන්නේ එහි කාර්ය මණ්ඩල වලට උසස්වීම් ලබාදීමේ පරිපාටිය අනුවය.

ඒ අනුව මෙසේ පිටස්තර නිලධාරීන්ගෙන් තනතුරු පිරවීමෙන් පහළ නිලධාරීන්ට දැඩි අසාධාරණයක් වන බව කාර්’ය මණ්ඩල සාමාජිකයෝ විසින් පෙන්වා දෙති.

පාර්’ලිමේන්තු කාර්’ය මණ්ඩලයට මෙතෙක් ගෙවූ නිවාඩු හිලව් දීමනාව මේ වනවිට නවත්වා දමා ඇති බවත් මූල්‍ය අපහසුතා හේතුවෙන් රජය එම මුදල ගෙවීම නතර කිරීමට තීරණය කර ඇති බැවින් එම කාරණය ගැන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවල විරෝධය පළ වී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධව රජයට කරුණු දැක්වීමට එම නිලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.