නව යුද හමුදාපති ධූරයට මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කරයි

0
119

NEWSNOW | – නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිය දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිට අද(30) දින විශ්‍රාම යයි.

ඔහු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1989 ජනවාරි 20 වන දා බඳවා ගැනීමේ පාඨමාලා අංක 31 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදා සේවයට එක්වී ඇති අතර මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු 1990 ඔක්තෝම්බර් 5 වන දා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ඇත.

තවද කාලතුවක්කු රෙජිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු එම රෙජිමේන්තුවේ අධිපති ධූරයේ කටයුතු කර තිබේ.

මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේ ය.