නව නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙයි

0
43

NEWSNOW | – නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කරයි.

රියර් අද්මිරාල් කාංචන බානගොඩ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු 1989 වර්’ෂයේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී තිබේ.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව අවසන් කළ ඔහු 1991 වර්’ෂයේ උප ලුතිනනවරයෙකු වශයෙන් අධිකාරියට පත් වන වී ඇති අතර සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1993 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී හදාරා ඇත.

රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2022 වර්ෂයේ මැයි මස 4 වන දා රියර් අද්මිරාල් නිලයට උසස් වී තිබේ.