අමෙරිකානු හිටපු ජනපති ජිමි කාටර් මියයයි

0
103

NEWSNOW | – වයස අවුරුදු 100ක් වූ අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ.

අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් පසුගියදා නම් කෙරුණි.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ.

වසර 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි.