මහා පරිමාණ මූල්‍ය වංචාවකට අවශ්‍ය සිටි මෙරට යුවලක් කටුනායකදී අත්අඩංගුවට

0
60

NEWSNOW | – රු. බිලියන 1.6ක් මහා පරිමාණ මූල්‍ය වංචාවකට අවශ්‍ය සිටි ශ්‍රී ලාංකික යුවලක් මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් 2025 ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද(30) නියෝග කර ඇත.

INTERPOL රතු නිවේදන නිකුත් කර තිබූ මෙම යුවළ සහ ඔවුන්ගේ 14 හැවිරිදි දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් ඊයේ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2021 වසරේදී තම දියණිය ද සමඟ බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගොස් ඇති කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 43 හැවිරිදි බිරිඳයි.

කොළඹ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව අධිකරණ මගින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීම් අටක් පනවා ඇති අතර, රට පුරා වාර්’තා වූ මූල්‍ය වංචා කිහිපයක් සම්බන්ධයෙන් මෙම යුවළ අවශ්‍යව සිටියහ.

ඊයේ පස්වරුවේ ඉන්දියාවේ සිට සිය දියණිය සමඟ පැමිණි මෙම පුද්ගලයා ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ එදින රාත්‍රී ගුවන් යානයකින් පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් වැඩිදුර විමර්’ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තු මූලස්ථානයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්’ශන කොට්ඨාශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

සැකකරුවන් ව්‍යාපාරවලට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වෙමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති නමුත් මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බව මූලික විමර්’ නවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සමන්තුරේ, කල්මුණේ සහ අම්පාර ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ව්‍යාපාර ආරම්භ කර ඇති බවත්, ව්‍යාපාරය පාඩු ලැබීමෙන් පසු රට හැර ගොස් ඇති බවත් සැකකරුවන් අනාවරණය කරගෙන ඇත.