NEWSNOW | – ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරි ගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට 051 සන්නාමය විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් සංවිධානය කරන ලද 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගා වලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්’ථකව නිමාවට පත්විය.
මෙවර තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග සඳහා මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල මෙවර තරගාවලියේ වයස අවුරුදු 11 න් පහල සහ 11 න් පහල කාණ්ඩයන්ගේ බාලක සහ බාලිකා ශූරතා 2 ම දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි. තවද හුංගම විජයබා ජාතික පාසල 15 න් පහල බාලිකා ශූරතාවය දිනාගත් අතර 15 න් පහළ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් කණ්ඩායම විසින් දිනා ගැනීමත් මෙවර තරගාවලියේ කැපී පෙණින.
වයස අවුරුදු 17 න් පහළ බාලිකා ශූරතාව ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසැල් කණ්ඩායම විසින් දිනාගත් අතර එම වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලට හිමි විය. 19 න් පහළ බාලක ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් හිමි කරගත් අතර එම කාණ්ඩයේ බාලිකා ශූරතාව හුංගම විජයබා ජාතික පාසලට හිමි විය.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කේ. එස්. එම්. ඉඳුරංග නරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍රවෙද්දී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ කේ. එම්. හර්ෂණී නිසංසලා හොඳම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමි කරගත්තාය.
22 DSI Supersport පාසල් වොලිබෝල් නරගාවලිය පිළිබඳ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව සංවර්’ධනය කරන්නටත් මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය මෙතෙක් සමත්ව තිබෙනවා. මෙම ශූරතාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ නාගරිකව මෙන්ම ග්‍රාමීය වශයෙන් දස්කම් දක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කොට ඔවුන් ජාතික මට්ටමට ඔසවා තැබීමත් ඒ හරහා යම් දිනෙක ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකික නියෝජනයක් සනිටුහන් කිරීමයි. මෙම නරගාවලිය ශ්‍රී ලාංකික නව යොවුන් තරුණ ප්‍රජාව අතර වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්’ධනය කිරීමට පමණක් නොව, පාසල් පාවහන් වෙළඳ පොලේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටියා DSI අපගේ ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමටද උපකාරී වී තිබෙනවා. වොලිබෝල් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් අපට ශක්තියක් වූ තරගයට සහභාගී වූ සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටන් විනිසුරුවරුන්ටත් නිලධාරීන්ටත් ස්වේච්ඡා කාර්’ය මණ්ඩලයටත් අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා” යැයි පැවසීය.