ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

0
273

NEWSNOW | – ශ්‍රී ලංකා යුද හමුදාවට සහ නාවික හමුදාවට නව පත්වීම් ලබා දුන්නේ අදාළ හමුදාපතිවරුන් විශ්‍රාම යාමෙන් පසුව .

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා පත් කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සිය සේවා දිගුව නිමා කිරීමෙන් පසු අද(30) විශ්‍රාම යාමෙන් අනතුරුවයි ඔහුගේ පත්වීම සිදුව ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කළ බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙනුවට පත් කර ඇති අතර ඔහුගේ සේවා දිගුවද අවසන් කර ඇත.