ජිමී කාටර්’ගේ අභාවයට ජනාධිපතිවරයා ශෝකය පල කරයි

0
39

NEWSNOW | – අමෙරිකානු හිටපු ජනාධිපති ජිමී කාටර්’ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

X සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.