2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.
එම විසිලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්’ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්’ධන කාර්’යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණ තිබුණි . සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්’ධන කාර්’යාංශය සංවිධානය කර තිබුණි.
මෙය වාර්’ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017, 2018 වසරවල දී පමණි. 2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීය.
දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. (අපේක්ෂිත සංඛ්‍යාව 256,389කි) මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි. (ඒ 252,033කි)
පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්’ථික අර්’බුදය හේතුවෙන් සංචාරක කර්’මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්’මාන්තයේ ශීඝ්‍ර වර්’ නයක් පෙන්නුම් කරයි. විදේශ සංචාරකයන් මුහුණ දුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමටත් වත්මන් රජය පියවර ගත්තේය. ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබේ. රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් නව රජය කටයුතු කළේ ය. ඒ 2025 වසරේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි.