මධ්‍යම ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 5දෙනෙකු මරුට

0
39

NEWSNOW | – අද (26) උදෑසන, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත්හි කඳවුරක් ඉලක්ක කරගත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Al-Quds නාලිකාවේ බාහිර විකාශන වාහනයක සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

එම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ෆයිසාල් අබු අල්-කුම්සාන්, අයිමන් අල්-ජාඩි, ඉබ්‍රාහිම් අල්-ෂෙයික් කලීල්, ෆාඩි හසූනා සහ මුහම්මද් අල්-ලඩා යන මාධ්‍යවේදීන් පස්දෙනා මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශ කළේ ගුවන් හමුදාව නුසෙයිරාත්හි “ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදී කොටු සහිත වාහනයකට” ප්‍රහාරයක් එල්ල කළ බවයි.