NEWSNOW | – 2024 ජාතික මිලාද් උත්සවය සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද(26) පස්වරු 2ට පැවැත්වේ.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය මහතා සහභාගී වීමට නියමිතය.
මුස්ලිම් ආගමික සංස්කෘතික දෙපාර්’තමේන්තුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්’යාලය සහ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්’තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්’තමේන්තුව සහ රත්නපුර දිස්ත්‍රික් මුස්ලිම් පාසල් එක්ව සංවිධානය කළ මිලාද් තරගයෙන් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය කෙරේ.
එමෙන්ම ජාතික මිලත් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට නියමිතය.
රත්නපුර දිස්ත්‍රික් අතිරේක ලේකම් ගයානි කරුණාරත්න කියා සිටියේ මෙවර ජාතික මිලාද් උත්සවයට කිසිදු දේශපාලන නියෝජිතයෙක් සහභාගී නොවන බවයි.