NEWSNOW | – මෙරට ජීවිත 35,000ක් ඇතුළු පුද්ගලයන් 230,000කට ආසන්න පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සම්පුර්’ණ වේ.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ සුනාමිය ඇතුළුව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” අද සැමරෙන බවය.
සුමාත්‍රාහි බටහිර දෙසට වන්නට, මෙතෙක් වාර්තා වූ විශාලතම භූමිකම්පාවලින් එකක් ලෙස සටහන් වෙමින් මැග්නිටියුඩ් 9.1ක භූ කම්පනයක් හටගත්තේ ඉන්දුනීසියාවේ වෙරළ තීරය මෙන් ම ඉන්දියන් සාගරය වටා සිටින ප්‍රජාවන්ට හානි කළ දැවැන්ත සුනාමියක් ඇති කරමිනි.
රටවල් 14ක විදේශීය සංචාරකයන් 9,000ක් ඇතුළුව පුද්ගලයන් 230,000කට ආසන්න පිරිසක් මිය ගියහ.
ඒ අනුව 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය සමරනු ලබයි.
මෙවර “ජාතික සුරක්ෂිතතා දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත් වුණි.
2004 වර්’ෂයේ දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවිම් හඳුනා ගැනීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 14ක සුනාමි කුලුනු 77ක් ස්ථාපිත කරනු ලැබූ අතර ඉන් මේ වන විට සක්‍රීයව පවතින්නේ 5කටත් අඩු සංඛ්‍යාවකි.
එසේම සුනාමියෙන් විපතට පත්වූවන් වෙනුවෙන් වසර 2016දී සෞදි අරාබි රජයේ ආධාර ඇතිව දීඝවාපියේ නොරොච්චෝලේ ගම්මානයේ ඉදි කළ නිවාස ව්‍යාපෘතියක් මෙතෙක් ජනතා අයිතියට පත් නොකිරීම කණගාටු දායක තත්වයකි. නිවාස 500ක පමණ ප්‍රමාණයක් වල්බිහිවීමට ඉඩ ඇර ඇත්තේ එම ව්‍යාපෘතියෙන්ද අප රටේ හිටපු නායකයන් තමන්ගේ පොකට්ටුව පුරවාගැනීම නිසා වෙන්නට ඇත.
අපි වත්මන් රජයට අවධාරණය කරන්නේ සෞදි රජය අප රට ,රටේ ජනතාව වෙනුවෙන් කළ උපකාරයෙහි ගෞරවයවත් තබා එම නිවාස කඩිනමින් පිළිසකර කර හෝ අවශ්‍යතාවය ඇති ජනතාවට බෙදා දීමට කටයුතු කරන ලෙසයි.
මෙම හදිසි ආපදාවෙන් පසු යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට අමෙරිකානු සමාගමක් විසින් සුනාමි කුලුනු සවිකිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදී තිබුණි. එම කුලුනු ඉදිකිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී ඒවා අලුත් වැඩියාකිරීමට පියවර ගත්තද අදාළ ආයතනය විසින් නිෂ්පාදන මේ වනවිට අත්හිටුවීම හේතුවෙන් අක්‍රීය වී ඇති කුලුනු අළුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ආරංචි මාර්’ග පවසයි.
කෙසේ වෙතත් මේ වන විට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක තෝරාගත් පුද්ගලයින් 70,000කට ආසන්න පිරිසකගේ දුරකථනයට සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳව සංඥා ලබාදීම පිළිබඳ සංඥා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, විදුලි සංදේශන කොමිෂන් සභාව සහ මෙරට සන්නිවේදනය සපයන දුරකථන ජාලා සමග එක්වි සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කෙටි පණිවුඩයක් හරහා ජනතාව දැනුම්වත් කිරීමටද කටයුතු යොදා ඇත.