NEWSNOW | – ජනාධිපති අරමුදල සාවද්‍ය පරිහරණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට (CID) උපදෙස් ලබාදී ඇත.
ජනාධිපති අරමුදල සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්’ශනය සිදු කෙරේ.
හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් 34 දෙනෙකු 2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන ගණනින් මුදල් ලබාගෙන ඇති බව පසුගිය පාර්’ලිමේන්තු සැසිවාරයේදී අනාවරණය විය.
අවභාවිතා කර ඇති මුදල රුපියල් බිලියන 12.25 ඉක්මවන බව ගණන් බලා ඇත.