ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදයි

0
221

NEWSNOW | – ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදට (09) යෙදී තිබේ.

අභිමානවත්ව සමරනු ලබන 74 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්’දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද(09) සිට උසස් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකර ඇත.