පලාගිය සිරියානු ජනපති රුසියාවේ

0
46

NEWSNOW| –  සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් රුසියාවේ මොස්කව් නගරයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊට හේතුව සිරියානු ජනපතිට සහය දැක්වූහ ප්‍රධානතම රට වන්නේ රුසියාව බැවිනි.

මේ අනුව හිටපු ජනපති අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බව රුසියානු බලධාරීන් පවසා තිබේ.

Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය.

ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළු වුණු අතර පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.