NEWSNOW | – මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා යොදවා ඇති ශ්‍රි ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව යන ලදි.
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්’ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුම් සදහා සක‍්‍රිය දායකත්ව ලබා දුන් අතර සාම සාධක රාජකාරීන් සදහා අනියුක්ත කරනු ලබන ශ්‍රි ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් එරට භට පිරිස් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායම් ප‍්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂි කාර්’යයන් රැසකට සක‍්‍රීය දායකත්වය ලබාදිම සිදුකරනු ලබයි.
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් ගුවන් පැය 1219 ක් පමණ රාඡකාරී සදහා භාවිතා කරමින් ඉතා සාර්’ථකව සේවය අවසන් කල ගුවන් හමුදා සේවා පුද්ගලයින් 92 දෙනෙකු ද මධ්‍යම අප‍්‍රිකාවේ සිට නැවත ශ්‍රි ලංකාව වෙත පැමිණිම ද මෙහිදි සිදු වු අතර මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගිය සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සමාජිකයින් හට සුභ පැතීමට මෙන්ම පිළිගැනීම සදහා ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් පිරිසක් සහ ගුවන් හමුදා සමාජිකයින්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් පිරිසක් ද ගුවන් තොටුපල පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටින ලදි.