නික්මීමට පෙර ජනපති බයිඩන් සිය පුතාට සමාවදීම අනුමත කරයි

0
182

NEWSNOW | –  අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව ලබාදුන් බව නිල නිවේදනය නිකුත්කර තිබේ.

ඔහු අවි අවභාවිතය සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වරදකරු විය.

ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ නියෝගය මේ මස නිකුත් කිරීමට නියමිතව තිබූ අතර ඊංට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ ඔහු සිය පුත්‍රයාට ජනාධිපති සමාව ලබා නොදෙන බවයි.

එහෙත් ඊයේ (01) සවස ජනපති ජෝ බයිඩන් පැවසුවේ තමා අමෙරිකානු යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විශ්වාස කළද සිය පුත්‍රයාට එරෙහි නඩු විභාගය දේශපාලන බලපෑම්වලින් පිරී තිබුණු බවයි.