භාෂා අයිතිය සම්බන්ධ ‘ව්‍යවස්ථාමය ප්‍රතිපාදන’ ගැන ආගමික නායකයින් සිවිල් ප්‍රජාව පුත්තලමේදී දැනුවත් කෙරේ

0
34

NEWSNOW| – භාෂා අයිතිය සම්බන්ධ ‘ව්‍යවස්ථාමය ප්‍රතිපාදන’ මැයෙන් සැසියක් නොවැම්බර් 30 වැනි දින පුත්තලම ඉසුරු ශාලාවේදී පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික් සර්’වාගමික සංවිධානය සහ ජාතික සාම සංවිධානය එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ දේශනයක් පවත්වමින් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අධිනීතිඥ ජගත් ලියනාරච්චි මහතා අදහස් පළ කළේය.

පුත්තලම දිස්ත්‍රික් සර්වාගමික සංවිධානයේ ප්‍රභූවරුන්, පූජ්‍ය බුද්ධියාගම රතනතර හිමි, හින්දු ආගමික පූජකවරුන් වන සවිතර ෂර්’මා කුරුක්කල්, ඩිලන්ත පෙරේරා පියතුමා, අෂ්ෂේක් අබ්දුල් මුජීබ්මවුලවීතුමා යන සිව් ආගම්වලට අයත් ආගමික නායකයින් සහ දිස්ත්‍රික් අන්තර් ආගමික සංවිධානයේ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නීතිඥ ජගත් ලියනාරච්චි සිය දේශනය අතරතුර, භාෂාව ප්‍රධාන ප්‍රශ්නයක්. භාෂා ප්‍රශ්නවලින් තොරව සියලු ජාතීන්ට එක හා සමානව ජීවත්වීමට අවශ්‍ය තරම් මාර්’ගෝපදේශ හා නීති ව්‍යවස්ථාවේ තිබුණත් මේ රට මෙතෙක් දුක් විඳීමට හේතු වූයේ අනුප්‍රාප්තික පාලකයන්ගේ සහ බලයේ සිටි අයගේ නොසලකා හැරීම සහ ආත්මාර්’ථකාමීත්වය නිසා බව පෙන්වා දුන්නේය.

භාෂාව සම්බන්ධ කාරණාවලදී ඔවුන්ගේ අයිතිවාසිකම් දැනගෙන භාවිතා කිරීමෙන් සාමය සහ සහජීවනය ගොඩනඟා ගත හැකි ආකාරය ද ඔහු උදාහරණ සහිතව පැහැදිලි කළේය.

වැඩසටහන අතර ඊට අදාළ සැසියක් සහ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර ඒ සම්බන්ධයෙන් විශිෂ්ට පැහැදිලි කිරීම් සිදු කරන ලදී.

මෙම රැස්වීමට ජාතික සාම මණ්ඩලයේ වැඩසටහන් කළමනාකාරිනී නිරෝෂා ඇන්තනි මහත්මිය සහභාගි වූ අතර ඇය විසින් මෙම වැඩසටහන මෙහෙය වූවාය.

දිස්ත්‍රික් සර්’වාගමික සංවිධානයේ කැඳවුම්කරු මුස්නියා මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.