NEWSNOW | – අද පෙරවරු 09.30ට පාර්’ලිමේන්තුව අද (03) රැස්වීමට නියමිතය.
ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.
පාර්’ලිමේන්තු මහ ලේකම් කාර්’යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
මෙම සතිය තුළ පාර්’ලිමේන්තු ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්’ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතය.