NEWSNOW| – ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන යළි මෙරටට ගෙන්වන්න බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මැරෙන්ජිගේ පවසයි.
ඔහු අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඒ සඳහා රජය පොරොන්දුවක් ලබාදී ඇති බවයි.
වැඩි දුරටත් ඔහු පැවසුවේ “අපි ලෑස්ති වාහන ගෙන්නන්න. හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට ගන්න ලැබෙනවා තව කෙටි කාලයකින්. අපි සූදානම් ඔබට හොඳ වාහනයක් ලබා දෙන්න.”
“වාහන ආනයන නවත්තල අවුරුදු පහක් වෙනවා ආසන්න වශයෙන් මේ වන විට රජය කොල එලියක් නිකුත් කරලා තියෙනවා වාහන ආනයනය ගැන ජනාධිපතිවරයත් දීලා තියෙනවා පෙබරවාරි ඉඳලා වාහන ආනයනය ප්‍රකෘති කරනවයි කියලා. වාහන ආනයනකරුවෝ හැටියට අපිට ඒක බොහොම හොද ආරංචියක්. ඒ වගේම වාහනයක් බලාපොරොත්තුවෙන් ඉන්න සාමාන්‍ය ජනතාවටත් මේක හොඳ ප්‍රවෘත්තියක්. මුදල් අමාත්‍යාංශ කමිටුවක් හැදුවා ප්‍රතිපත්ති හදන්න ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ.ජාතික ප්‍රතිපත්ති හදන එක පටන් ගන්න මේ වාහන ආනයනයෙන්ම පටන් ගත්ත එක හොඳ තත්ත්වයක්. පෙබරවාරි ඉඳල වාහන ගෙන් වෙනවනම් ඒ සඳහා අවශ්‍ය කටයුතු ටිකක් තියෙනවා තව කරන්න මහ බැංකුවෙන් කැමති වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. අයි එම්එෆ් එකෙනුත් අනුමැතියක් ලබා දීලා තියෙනවා. වාහනවලට තියෙන සීමාසහිත මුදලක් ඒ මුදල නිසි විදිහට කළමනාකරණය කරලා අහිංසක ජනතාවට සාධාරණ මුදලට වාහනයක් ගැනීමට අවශ්‍ය කරන විදිහට සාධාරණයක් ඉටු විය යුතුයි. රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයත් එක්ක සාකච්ඡා කරලා සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්න ක්‍රමය හදලා දෙන්න ඕනේ. ආර්ථික විනාශ වෙලා මුදල් නාස්තිය වුනේ කළමනාකරණයක් නැතුව වැඩ කරපුු එක නිසයි. මේ වාහන ආනයනය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වුණහම ලක්ෂයක විතර පිරිසක රස්සා ආරක්ෂා වෙනවා.”
“වෙන ආණ්ඩුවලට මේවා කතා කලාට වැඩක් උන්නේ නෑ මේ ජාතික ආණ්ඩුවෙන්, අපේ අලුත් ජනාධිපතිතුමා බොහොම හොඳ කෙනෙක්. අපව තේරෙණ කෙනෙක්. ඉතිරී කෙටි කාලය තුළ එතුමා අපිට අපේ මේ පහසුකම හරියට කරයි. අපිට පුළුවන්කම තියෙනවා හොඳ වාහනයක් ජනතාවට ගෙන්නල දෙන්න අපි ඒක ඉදිරියේදී කරනවා” යැයි සම්පත් නෙරෙංචිගේ මහතා පැවසුවේය.