පළාත් පාලන මැතිවරණය ගැන ගත් තීරණය

0
106

NEWSNOW | –   පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට සූදානම් වේ.

ඒ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව බව අනාවරණය වේ.

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම කථානායක අශෝක රංවලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ඇතැම් අපේක්ෂකයන් දේශපාලනය අතහැර තිබීම, ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට නොතිබීම,ඇතැම් අපේක්ෂකයන් රට හැර දමා විදෙස් රැකියා සඳහා පිටව ගොස් තිබීම යනාදී කාරණා මත පළාත් පාලන මැතිවරණයට අලුතින් නාමයෝජනා කැඳවීම සුදුසු බවට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

පැරැණි නාමයෝජනා අනුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් පිරිස පමණක් බැවින් 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව විශාල පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් 41 දෙනකු මේ වනවිට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතැයි ද තොරතුරු අනාවරණය වේ.