යාපනය – කොළඹ ප්‍රධාන මාර්’ගය පුත්තලමෙන් අවහිර වෙයි

0
37

NEWSNOW| –  යාපනය – කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම, තිරම්බි අඩිය, 2 කණුව ප්‍රදේශයට අද (27) උදෑසන විශාල ගසක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය සම්පූරණයෙන්ම අවහිර වී ඇති බව  පොලීසිය පවසයි.

මේ අතර, කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ග්ලෙන්කෝස්, කිතුල්ගල, දැරණියගල හා නෝවුඩ් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ති‌බේ.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පානඩුගම ප්‍රදේශයත් මහවැලි ගග පිටාර ගැලීමෙන් පේරාදෙණිය සහ නාවලපිටිය ප්‍රදේශයවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම මල්වතු ඔය ආශ්‍රිතව තන්තිරමලේ ප්‍රදේශයටත් දැඳුරු ඔයා ආශ්‍රිතව මොරගස්වැව ප්‍රදේශයටත් මහ ඔය ආශ්‍රිතව බඩල්ගම ප්‍රදේශයටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර දිවයිනේ වටා මුහුදු ප්‍රදේශයද රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ අංශය දැනුම් දෙයි.