අයහපත් කාලගුණයෙන් උඩරට දුම්රිය ගමනට බාධා

0
31

NEWSNOW| –  පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා වී තිබේ.

දුම්රිය දෙපාර්’තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටී තිබේ.

ඒ සමඟ සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානය පවසයි.

කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේදී දුම්රිය මාර්ග සංචාරක මුරකරු එය දැක ඒ පිළිබඳව කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක් නතර කිරීමට පියවර ගැනුණි.

පසුව දුම්රිය මාර්ගයට වැටී තිබු කසළ කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කර ඇත.