NEWSNOW| – පවතින අයහපත් කාලගුණයත් තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 15ක පවුල් 22,532ක පුද්ගලයන් 77,670ක් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
එසේම අපදා අනතුරු හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 821 කට අයත් පුද්ගලායින් 2,770ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බවය.
එසේම අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 6ක් විනාශ වී ඇති අතර තවත් නිවාස 65කට අර්ධ හානි සිදුව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.