කාලගුණය ගැන රතු නිවේදනයක්

0
69

NEWSNOW| –  දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවය.

මෙම පද්ධතිය අද (26) දින මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.