අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය කල්දමයි

0
291

NEWSNOW| – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව 27, 28 සහ 29 යන සිකුරාදා දිනවල එම විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

එම විභාග කටයුතු විභාගය අවසන් වූ පසුව පැවැත්වෙනු ඇත.

ඒ, පවතින අයහපත් කාලගුණය හේතුවෙනි.

විභාග දෙපාර්’තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා මේ බව ප්‍රකාශ කළේය.