ට්‍රැක්ටරයක් පෙරලීමෙන් ළමුන් 6 දෙනෙක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්

0
257

NEWSNOW| –  අම්පාර නින්දවුර් සිට සමන්තුරෛ දක්වා පාසල් ළමුන් ගමන් කළ ට්‍රැක්ටර් රථයක් මාවඩි පාලම අසලදි පෙරලියාලමන් ළමුන් 11 දෙනෙකු සහ රියදුරු හා සහයක ගංවතුරට ගසා ගෙන ගොස් තිබේ.

පසුව නාවුක හමුදාවේ සහාය ඇතිව ළමුන් 5 දෙනෙකු බේරා ගෙන ඇත. ළමුන් 6 දෙනකු සහ රියදුරු සහ සහයක අතුරුදහන්ව ඇත.

නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් අදාළ ට්‍රැක්ටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කාරතිව් හන්දිය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබේ.

අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් එළෙස අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි.

අතුරුදන් වූ අනෙක් පිරිස සොයා යුධ හමුදා, නාවුක හමුදා සහ පොලිස් සෙවීම් හා මුදවා ගැනීමේ කණ්ඩායම් මේවන විට සෙවීම් හා මුදවා ගැනීමේ කටයුතු වල නිරත වේ.