සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර පාර්’ලිමේන්තුවට

0
45
NEWSNOW | – සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ( 19) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්ම ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත.
පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් සමඟ ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන පහක් හිමිවිය. මේ අනුව තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන හතරක් පිරවිය යුතුව ඇත.
එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රී ධුර ඉදිරි දිනවල පිරවීමට නියමිතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.