හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට

0
73
NEWSNOW | – හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ පසුගිය මහ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව පොලිසිය පවසයි.

හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක්  සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය  සහ බදුල්ල පොලිසිය  මගින්  පෙළපාලිය විසුරුවා හරිනු ලැබීය.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ  පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද  ඇතිවී තිබිණි.  හිටපු ඇමැතිවරයා ඇද සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දකින්නට ලැබිණි.